
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් විතානගේ පාර ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටළීමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 81 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස වටළා පරීක්ෂා කර ඇත. එහිදී නිවස තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, නිවසේ හිමිකාරිය වන මෙම 81 හැවිරිදි කාන්තාව වහාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු බවට සැකකෙරෙන, අත්අඩංගුවට පත් කාන්තාවගේ පුත්‍රයා පොලිස් වැටළීම සිදුවන අවස්ථාවේදී නිවසේ සිට ඇති අතර, ඔහු පොලිස් නිලධාරීන් මඟහරිමින් එම ස්ථානයෙන් සූක්ෂ්ම ලෙස පළාගොස් තිබේ.
අත්අඩංගුවට ගත් 81 හැවිරිදි සැකකාරිය මේ වනවිට ඉදිරි නීතිමය පියවර සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පළාගිය ඇයගේ පුත්‍රයා කවුරුන්දැයි හඳුනාගෙන ඇති අතර, ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා පුළුල් පරීක්ෂණ අරඹා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart