June 30, 2026

මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන මිස්ටර් කොත්තු ආයතනයේ හිමිකරු විරාජ් වික්‍රමනායක මහරගම පොලිසිය විසින් අත්ඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

තමන් යටතේ සේවය කරන සේවකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.