
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිදීමාලියද්ද, කුරුවිතැන්න, තොටිලේයාය ප්‍රදේශයේ පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශයේදී ඔරු පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සහ පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයන් දෙදෙනෙකි.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ සිට උපන්දින සාදයක් සඳහා පැමිණි 33 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් 11 දෙනකු කුඩා ඔරු දෙකක් එකට බැඳ සකසා ගත් පාරුවකින් ජලාශය මැද පිහිටි දූපතකට ගොස් ඇති බවයි.
දිය නෑමෙන් පසු ආපසු පැමිණීමේදී පාරුව කැඩී පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි අනෙක් පිරිස බේරී ඇති අතර, ජීවිත ආරක්ෂක කබා පැළඳ නොසිටි මෙම පුද්ගලයන් දෙදෙනා දියේ ගිලී තිබේ.
අද (29) උදෑසන පොලීසිය සහ ගම්වාසීන් එක්ව මෘත දේහයන් ගොඩගත් අතර, මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගොවින්න විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මහියංගණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට නියෝග කර ඇත.
රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart