
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා විසින් තමන් භාරයට ගත් රාජකාරි පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩ දහයක් සහිත මැගසින් එකක් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, සැකකාර ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයෙකු ද සමඟ පසුගිය 26 වැනිදා පෙරවරු 06:00 සිට පස්වරු 18:00 දක්වා පොලිස් යතුරුපැදියකින් දිවා යතුරුපැදි සංචාර රාජකාරියේ නිරතව ඇත.
රාජකාරිය නිමාකර එදින පස්වරු 05:45 ට පමණ ඔහු පොලිස් ස්ථානයේ රථවාහන තොරතුරු සටහන් පොතේ තමන් නැවත පැමිණි බවට සටහන් යොදා තිබේ.
කෙසේවෙතත්, ඔහු රාජකාරිය සඳහා රැගෙන ගිය පිස්තෝල ගිනි අවිය, ඊට අදාළ උණ්ඩ දහය සහ මැගසින් එක රාජකාරිය නිමවීමෙන් පසු නිසි පරිදි උපසේවයට (ඊළඟ නිලධාරියාගේ භාරයට) භාර දී නොමැති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
මේ පිළිබඳව සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ, තමන් භාරයට ගත් අදාළ ගිනි අවිය එදින රාජකාරිය සඳහා පිටතට රැගෙන නොගිය බවයි.
එය කාර්යාලයේ මේස ලාච්චුවක දමා තිබියදී මෙලෙස අස්ථානගත වී ඇති බවට ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart