
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුව ඇතුළේ දැඩි ආර්ථික සහ ප්‍රතිපත්තිමය මතගැටුම් නිසා නිතරම වගේ මුහුණට මුහුණ ලා ‘වාග් සංග්‍රාම’ පවත්වන සුපිරි දේශපාලන චරිත දෙකක් තමයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියන්නේ.
සභාගැබ ඇතුළේදී නම් මේ දෙන්නා පොඩ්ඩ ඇත්නම් දබර කරගන්නා ස්වභාවයක් පෙනුණත්, පසුගියදා කොළඹදී පැවැත්වුණු විශේෂ උත්සවයකදී දකින්න ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් අපූර්ව දර්ශනයක්.
මෙම සතියේ කොළඹදී පැවැත්වුණු ‘ඉන්දියානු වෙළඳ කවුන්ටරය’ (India Trade Desk) නිල වශයෙන් ආරම්භ කිරීමේ සහ ඉන්දියාවේ ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳ ගෝලීය ආයෝජන සහ වෙළඳ උපදේශකවරුන්ගේ ඉදිරිපත් කිරීමේ උත්සවයට මේ දෙන්නාම සහභාගී වෙලා සිටියා.
එහිදී කැමරා ඇස්වලට හසුවුණේ පාර්ලිමේන්තුවේ තියෙන වෛරී දේශපාලනය අමතක කරලා, සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉතාමත් සුහදශීලීව, මුහුණ පුරා සිනහවෙන් යුතුව අදහස් හුවමාරු කරගන්නා ආකාරයයි.
දේශපාලන ලෝකයේ සතුරන් කියලා පෙනෙන අය පවා තිරය පිටුපසදී සහ මෙවැනි උත්සවවලදී කොතරම් සුහදව ඉන්නවාද කියන්න මේක තවත් එක හොඳ උදාහරණයක් කියලා තමයි එතන සිටි පිරිස කතාවුණේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart