
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන, පොල්ලකින් ගසා බල්ලෙකු ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝව, පසුගිය 2025 වසරේ අගෝස්තු 07 වැනිදා පොතුපිටිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි සතොස අලෙවිසැලක් ඉදිරිපිටදී සිදුවූවක් බවට පොලීසිය විසින් හඳුනාගෙන තිබේ.
ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ පොලිසිය, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා 2025 අගෝස්තු 27 වැනිදා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් පසුව ඇප මත මුදාහැර තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම සත්වයා මරාදැමූ දවසේදීම එහි සිටි නව හැවිරිදි කුඩා දරුවෙකු සපා කා ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා එම දරුවාගේ ඥාතීන් බව ද අනාවරණය වී ඇත.
පොලිසිය සඳහන් කරන පරිදි, සිද්ධියෙන් පසු සැකකරුවන් විසින්ම අදාළ සුනඛයාගේ හිස කොටස පිළිගත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර තිබේ.
එහි වෛද්‍ය වාර්තාව මඟින් තහවුරු වී ඇත්තේ එම සත්වයාට ‘ජලභීතිකා’ රෝගය වැළඳී තිබූ බවයි.
පොතුපිටිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මෙම නඩුවේ මීළඟ අධිකරණ වාරය 2026 අගෝස්තු 20 වැනිදාට නියම කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart