
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුණු භූමිකම්පා දෙකකින් මුළුමනින්ම සලිත වී ගිය වෙනිසියුලාවෙන්, මුළු මහත් ලෝකයේම දෑස්වලට කඳුළු උණන අතිශය ආශ්චර්යමත් පුවතක් වාර්තා වෙනවා. ඒ, කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි දින 18ක් පමණක් වයසැති සිඟිති බිළිඳකු කිසිදු සීරීමක් හෝ තුවාලයක් නොමැතිව පණපිටින් බේරා ගැනීමට හැකිවීමයි.
මේ පුංචි පැටියා සුන්බුන් අස්සේ අඳුරේ, කිසිම කෑමක් බීමක් නැතුව පැය 32කට අධික කාලයක් මරණයත් එක්ක සටන් කරලා තියෙනවා. සහන සේවා කණ්ඩායම් දැඩි වෙහෙසක් මහන්සියක් වෙලා මේ බිළිඳාව බේරගන්න කොට මුළු ලෝකයම පුදුම කරමින් දරුවා ඉතාමත් නිරෝගී සුවයෙන් පසු වූ බවයි වාර්තා වෙන්නේ.
ඒත් මේ ආශ්චර්යය එතැනින් නතර වුණේ නැහැ. බිළිඳා බේරාගෙන විනාඩි 90කට විතර පස්සේ, ඒ සුන්බුන් ගොඩ අස්සෙන්ම දරුවාගේ මවවත් පණපිටින් බේරගන්න සහන සේවකයන් සමත් වෙලා තියෙනවා.
මේ මහා විපතින් තනිවුණා කියලා හිතපු දරුවාගේ පියාට, තමන්ගේ දින 18ක ලේ කැටියව සහ බිරිඳව නැවත ලැබුණු මොහොතේ ඇතිවූ සංවේදී එකතුවීම දැක්වෙන දර්ශන මේ වන විට අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් වගේ පැතිරෙමින් පවතිනවා. ද
දහස් ගණන් පිරිසක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව සිටින මේ මහා ඛේදවාචකය අස්සේ, මේ සිදුවීම මුළු ලෝකයටම ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart