
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළෙඳපොළේ සහ දේශීය වශයෙන් රන් මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වීම හේතුවෙන් වත්මන් රන් සහ ස්වර්ණාභරණ කර්මාන්තය දැඩි මන්දගාමී තත්ත්වයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා (27 වැනිදා) වන විට දේශීය වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 381,000ක් ලෙස සටහන් විය. මේ වසරේ මුල් මාස හය තුළ රන් මිලෙහි කැපීපෙනෙන උච්චාවචනයන් රැසක් සිදුවූ අතර, ජනවාරි මාසයේදී රුපියල් 397,000ක් වූ කැරට් 24 රන් පවුම පෙබරවාරි මාසයේදී රුපියල් 420,000 දක්වා ඉහළ ගියේය. පසුව මාර්තු මාසයේදී එය රුපියල් 425,000ක උපරිම අගයක් ගත් අතර, අප්‍රේල් මාසය වන විට නැවතත් රුපියල් 420,000 දක්වා පහත වැටිණි.
කෙටි කාලීන මිල වෙනස්වීම් තවදුරටත්
වත්මන් භූ-දේශපාලනික තත්ත්වයන් සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ප්රවණතා හේතුවෙන් මෙවැනි කෙටි කාලීන මිල උච්ඡාවචනයන් තවදුරටත් පැවතිය හැකි බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ පරීක්ෂණ රසායනාගාරයේ සහකාර අධ්යක්ෂ ඉන්දික බණ්ඩාර ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා ඇත.
දැනට මිල පහත වැටී තිබීම ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද හොඳ අවස්ථාවක් වුවද, මිලෙහි පවතින අස්ථාවරත්වය හේතුවෙන් මේ දිනවල රන් සඳහා පවතින ඉල්ලුම අඩු මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙයි. කෙසේවෙතත්, මූල්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් දිගුකාලීන ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් සතු වටිනාකම අවධාරණය කළ බණ්ඩාර මහතා, වසර අවසානය වන විට දේශීය රන් වෙළෙඳපොළේ යහපත් වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව ද සඳහන් කරයි.
ව්‍යාපාරිකයන් මුහුණදෙන ගැටලු
මිලෙහි පවතින අස්ථාවරත්වය හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇති බව Ran Lanka Gem and Jewellery (Pvt) Ltd ආයතනයේ මැණික් විද්‍යාඥ සහ හවුල්කරුවකු වන නුස්රි ලතීෆ් පවසයි. දිනක් හෝ සතියක් තුළ කිහිප වතාවක් මිල වෙනස් වීම නිසා ව්‍යාපාරවල ලාභාංශ පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇති බව ඔහු පෙන්වාදෙයි. එසේ වුවද, නිසි කළමනාකරණයකින් යුතුව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගනිමින් සාර්ථක ව්‍යාපාරික ප්‍රතිඵල ලබාගත හැකි බව ඔහුගේ අදහසයි.
මේ අතර, මාවනැල්ලේ විජේසිංහ ජුවලර්ස් හි හිමිකරු යූ.ඩී. විජේසිංහ ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය වසරට සාපේක්ෂව ව්‍යාපාරික කටයුතු සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි. පසුගිය වසරේදී පාරිභෝගිකයන් අනාගත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දැක්වුවද, මේ වන විට එම ඉල්ලුම බෙහෙවින් අඩු වී ඇත.
පවතින අහිතකර වෙළෙඳපොළ තත්ත්වය හමුවේ අවදානම අවම කර ගැනීම සඳහා තමන් රන් තොග මිලදී ගැනීම සීමාකර ඇති අතර, පාරිභෝගික ඇණවුම් මත පමණක් ව්‍යාපාරික කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart