
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙතැන් පටන් නොසැලකිලිමත් ලෙස සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා නිකුත් කිරීම වෙනුවට ඔවුන් සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ දිසාපාලක ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර ප්‍රකාශ කළේය.
දිවයින පුරා සිදුවන මාරක මාර්ග අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් පොලිසිය මෙම දැඩි පියවර ගෙන ඇත.
පොලිස් වාර්තාවලට අනුව, මේ වසරේ (2026) ජනවාරි 01 වැනිදා සිට ජුනි 26 වැනිදා දක්වා වූ කාලය තුළ පමණක් දිවයින පුරා මාරක මාර්ග අනතුරු 1,292ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගල ජීවිත 1,357ක් අහිමි වී තිබේ.
මීට අමතරව එම කාල සීමාව තුළ බරපතළ තුවාල ලැබූ අනතුරු 2,512ක් සහ සුළු අනතුරු 5,059ක් ද වාර්තා වී ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්වූවන් අතර පදිකයන් 467 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 465 දෙනෙකු වන බව පොලිසිය පවසයි.
අධික වේගය සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම මෙලෙස මාරක මාර්ග අනතුරු ඉහළ යාමට ප්‍රධානතම හේතු වී ඇති බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart