
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස මීමින්නෙකු මරා පුළුස්සා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක් ද සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔවුන්ට රුපියල් 135,000 ක දඩ මුදලක් ගෙවන ලෙස අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නැගෙනහිර වනජීවී කලාපයේ අම්පාර අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඉපසුගියදා උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරදූව වාලිම්බහෙල ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී වරදකරුවන් වූ සැකකරුවන් තිදෙනාට එක් අයෙකුට රුපියල් 45,000 බැගින් සමස්ත දඩ මුදල ලෙස රුපියල් 135,000 ක් නියම කෙරිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 01 ක් පමණ බරැති පුළුස්සන ලද මීමින්නකු, මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනිඅවියක්, අහස්කූරු, ඊයම් බෝල සහ වෙඩි බෙහෙත් ඇතුළු දඩයම් කිරීම සඳහා යොදාගන්නා උපකරණ කිහිපයක් වනජීවී නිලධාරීන් විසින් නඩුභාණ්ඩ ලෙස සොයාගෙන ඇත.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ මීමින්නා යනු දැඩි ලෙස ආරක්ෂිත, එමෙන්ම වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින දුර්ලභ සත්ත්ව විශේෂයකි.
මෙවැනි සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1992 හදිසි දුරකථන අංකය වෙත වහාම දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart