June 27, 2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර 30 කණුව අසලදී බස් රථ දෙකක්, මෝටර් රථ දෙකක් සහ ජීප් රථයක් ඇතුළු වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මේ හේතුවෙන් මාතර දෙසට ධාවනය වන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් පැවැති බව වාර්තා විය.