
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නියෝජනය කරන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනම පාර්ලිමේන්තු කණ්ඩායම් පිහිටුවා එක්වූවත්, පක්ෂයේ ඡන්ද පදනම නොවෙනස්ව පවතින බව එම පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තේරී පත්වූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට නියමිත බවත්, විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ඊට පළ වී ඇති බවත් මේ වන විට තහවුරු වී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් කියා සිටින්නේ එවැනි කණ්ඩායම් පිහිටුවීමට තම පක්ෂයේ විරෝධයක් නොමැති බවයි.
“සමහර කණ්ඩායම් සන්ධාන හදන්න යනවා කියලා ආරංචියි. ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ. ඔවුන්ට එකතු වී ජනතාවගේ හිත් දිනාගැනීමට හැකි නම්, ඔවුන්ටඑහෙම කරන්න ඉඩදෙන්න. හැබැයි, අපිට එක දෙයක් විශ්වාසයි. සමහර මන්ත්‍රීවරුන් එහෙට මෙහෙට ගිහින් විවිධ කණ්ඩායම් පිහිටුවා ගත්තත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම වෙනස් වෙන්නේ නැහැ” යැයි මහ ලේකම්වරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත් වී විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන්ට සිදුවූයේ කුමක්දැයි, දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රීවරුන් හොඳින් දන්නා බවත්, එබැවින් ඔවුන් එම දේශපාලන වැරැද්දම නොකරනු ඇතැයි තමා සිතන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart