
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග යුද්ධයේ මුල් දිනයේදී එල්ල වූ අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් දින තුනක රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ඉරාන රජය ප්‍රකාශ කරයි.
මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන නිශ්චිත දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මීට පෙර පසුගිය මාර්තු 04 වැනිදා මෙම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, කලාපය තුළ පවතින දැඩි යුද වාතාවරණය හේතුවෙන් එය කල් දැමීමට සිදු විය.
“දින තුනක මහජන අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා,” යැයි ටෙහෙරාන් නුවර නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අමීන් තවකොලිසාදේහ් ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර ඇත.
අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන නිශ්චිත දිනයක් ඔහු මෙහිදී සඳහන් කර නොමැති වුවද, එය එළඹෙන මුහර්රම් මස මුල් භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බව පවසා තිබේ.
නියෝජ්‍ය නගරාධිපති තවකොලිසාදේහ් වැඩිදුරටත් සඳහන් කරන්නේ අවමංගල්‍ය රාජ්‍ය උත්සව කටයුතු ටෙහෙරාන් අගනුවර මෙන්ම ඉරානයේ පූජනීය නගර සේ සැලකෙන ‘කොම්’ සහ කමේනිගේ දේහය මිහිදන් කිරීමට නියමිත ‘මෂාඩ්’ යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.
“ටෙහෙරාන් නුවර පැවැත්වෙන නිල අවමංගල්‍ය උත්සව මාලාව අවම වශයෙන් පැය 24ක කාලයක් අඛණ්ඩව පැවැත්වෙනවා,” යැයි පවසන නියෝජ්‍ය නගරාධිපතිවරයා, මෙම අවසාන බුහුමන් දැක්වීමේ අවස්ථාව සඳහා මිලියන 20කට අධික ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart