May 29, 2026

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ සමාගම් ව්‍යාපෘති ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන ජූලි මස 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාගය අද අවසන් විය.

ඒ අනුව, කරුණු සලකා බැලූ මහාධිකරණය නඩුවේ සාක්ෂි විභාගය ජූලි මස 07 වැනිදා ආරම්භ කිරීමට දින නියම කරන ලදී.