
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලිඳුල ප්‍රදේශයේ තේ වත්තක පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් ගැබිනියක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ 40 හැවිරිදි දෙදරු පියකු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ද එම තේ වත්තේම පදිංචිකරුවෙකි.
9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියගේ හැසිරීම පිළිබඳ සැක සිතූ ඇයගේ පාසලේ ගුරුවරියක ඒ බව මවට දැනුම් දී ඇත.
පසුව මව විසින් දියණියගෙන් සිදුකළ විමසීමකින් අනතුරුව, ඒ සම්බන්ධයෙන් ඊයේ (21) ලිඳුල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ ලිඳුල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල්ගත කර ඇත.
එහිදී ඇය දෙමසක ගැබිනියක් බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
අනතුරුව වැඩිදුර වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා ඇය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.
සැකකරු අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart