May 20, 2026

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ඉතාලි සංචාරය අතරතුර එරට අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි වෙනුවෙන් ඉන්දියාවෙන් විශේෂ තෑග්ගක් රැගෙන ගොස් තිබේ.

ඒ ‘පාර්ලේස් මෙලඩි’ (Parle’s Melody) ටොෆි පැකට්ටුවකි.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සුහදශීලී පියවර ඇතුළත් වීඩියෝව තම සමාජ මාධ්‍ය ගිණුම්වල බෙදාගනිමින්, “තෑග්ගට ස්තූතියි” යනුවෙන් මෙලෝනි සටහන් කළාය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉතාලි අග්‍රාමාත්‍යවරිය වෙත එම ත්‍යාගය ලබාදෙන අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලය තුළ දැඩි ආකර්ශයක් දිනා ගෙන තිබිණි.

එම වීඩියෝ පටයේදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ, “අග්‍රාමාත්‍ය මෝදි තෑග්ගක් ලෙස ඉතාමත් රසවත් ටොෆියක් රැගෙන ආවා,” යනුවෙනි.”මෙලඩි,” යැයි එහිදී අග්‍රාමාත්‍ය මෝදි පවසයි.