
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පවුලට සහ තමන්ට ආරක්ෂාව දෙන්නේනම් ශ්රී ලංකාවට පැමිණ පාස්කු ප්රහාරය ඇතුළු බුද්ධි අංශ සම්බන්ධ වූ අපරාධ ගණනාවක් පිළිබඳ කරුණු හෙළිකිරීමට සූදානම් බව පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානා ප්රකාශ කර තිබේ.
පාස්කු ප්රහාරය සහ පිල්ලෙයාන් අතර ඇති සම්බන්ධයක් පිළිබඳ ඔහු මීට පෙර චැනල් 4 නාලිකාව ඔස්සේ අදහස් දක්වා තිබිණි.
මේ අතර පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් පසු එවක මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් හමුවීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ගොස් ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී සතියකින් ඔහුට ඇප ලබාගැනීමට කටයුතු කරන බවත්, පවසා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද(20) කොටුව අධිකරණයේදී සඳහන් කළේය.
පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානා ලබාදුන් ප්රකාශ මත දිලීප පීරිස් මේ බව අධිකරණයේදී සඳහන් කර තිබිණි.
දැනට ප්රංශයේ පදිංචිව සිටින අසාද් මවුලානාගේ ප්රකාශය ප්රංශ තානාපති කාර්යාලයේදී සටහන් කර ඇති බව ද අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart