
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“අපි දමිළ ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නෑ. අපි සටන් කළේ එල්ටීටීඊ ත්රස්තවාදීන් එක්ක.නැතුව දමිළ ජනතාව එක්ක නෙවෙයි” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ මෙරට සෑම ජනවර්ගයක්ම නියෝජනය කරන පුරවැසියන් යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් සිදුකළ බවයි.
“ඒ යුද ජයග්‍රහණය සඳහා මේ රටේ විශාල පිරිසක් කැපවීම් කෙරුවා.රණවිරුවා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම මෙරටේ පුරවැසියා දමිළ සිංහල හින්දු ඒ වගේම මේ රටේ හැම වර්ගයාම නියෝජනය කරමින් පුරවැසියන් ඒ යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් කෙරුවා.ඒ වගේම තමයි අද සමහරුන්ට රණවිරුවන්ට රණවිරුවා කියාගන්න බැරි උනාට ඒ ඔවුන් කරපු කැප කිරීම නිසා තමයි බහුතරය අය අද නිදහසේ ඉන්නේ.අද සමහරු අර්ථකථනය කරන්න උත්සාහ කරනවා, අපි දමිළ ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නෑ. අපි සටන් කළේ එල්ටීටීඊ ත්රස්තවාදීන් එක්ක.නැතුව දමිළ ජනතාව එක්ක නෙවෙයි.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඝාතනය කරපු අපේ විපක්ෂ නායකතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස මහත්තයව ඝාතනය කරපු මේ රටේ රාජ්‍ය නායකයෝ බහුතරයක් ඝාතනය කරන්න උත්සාහ කරලා ක්‍රියාත්මක වෙච්ච ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා වැනි දමිළ, ප්රජාතන්ත්රවාදය අගය කරපු දමිළ නායකයන් දොරේඅප්පා නගරාධිපතිවරයාගෙන් පටන් ගත්තම ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වැනි අය ඝාතනය කරපු තවත් පැත්තකින් අරන්තලාවේ භික්ෂු ඝාතනය අනිත් පැත්තෙන් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලිය යාඥා කරමින් හිටපු අය ඝාතනය කරපු අනිත් පැත්තෙන් කැබිතිගොල්ලෑවේ බස්බෝම්බය තිබ්බ ත්රස්තවාදීන් එක්ක අපි සටන් කළේ.” යනුවෙන් ඔහු පැවසීය.
“මොන අභියෝගය ආවත් මොන අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් මේ රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්නත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමත් අපි කරනවයි කියන එකත් මතක් කරන්න ඕනේ” යැයි ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart