May 20, 2026

දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇති බව කිරිපිටි ආනයනකරුවන් අද (20) තහවුරු කළහ.

නවතම මිල සංශෝධනයට අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ ගොස් තිබේ.

කිලෝග්‍රෑම් 1 ක පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.