
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හුංගම, කට්ටකඩුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ලොරි රථයකට පොලිසිය වෙඩි තබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ලොරියකින් නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරන බවට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව අද (20) උදෑසන මෙම වැටලීම සිදුකර තිබේ.
තොරතුර අනුව ක්‍රියාත්මක වෙමින් පොලිසිය කට්ටකඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් ඉදිකර ඇත.
කෙසේවෙතත්, ලොරිය මුරපොල නොසලකා හැර පලා ගොස් ඇති බව වාර්තා වේ.
පසුව නිලධාරීන් ලොරිය ලුහුබැඳ ගොස් එය නැවැත්වීමට උත්සාහ කළ ද උපදෙස් නොතකා රථය ධාවනය කළ බව පොලිසිය පැවසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස පොලිසිය වෙඩි තබා ඇති අතර ඒ අනුව ලොරිය නවත්වා තිබේ.
වාහනයේ ගමන් කළ සැකකරුවන් හතර දෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
හුංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart