
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා ක්‍රියාමාර්ගයේ යැයි ව්‍යාජ ලෙස සකස් කළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පිරිසක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ලට අනුව වරුණ රාජපක්ශ, මිලින්ද රාජපක්ෂ, ඉරාජ්, ඓශ්චර්යා අධිකාරි, හර්ෂණී සඳරුවනි, රවී කුමුදේශ් ඇතුළු පිරිසක් මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැර තිබේ.
පහතින් දැක්වෙන්නේ පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ අදාළ පැමිණිල්ලයි.
ජේ.ඒ.එම්.ඒ.එල් අබේවර්ධන,
සභාපති,
ශිෂ්‍ය සංගමය,
ශ්‍රී පාලි මණ්ඩපය,
හොරණ,
2026.05.19
අධ්‍යක්ෂ,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ 01
අධ්‍යක්ෂකතුමනි,
සමාජ මාධ්‍ය තුළ අපහාසාත්මක අයුරින් අසත්‍ය තොරතුරු හුවමාරු වීම සම්බන්ධව,
2026 මැයි මස (14) වන දින සිට ජනතා බදු මුදලින් සොරාගත් දේපළ ජනතා අයිතියට පත් කරනු, සරසවි තුළ මතුව ඇති ඉඩකඩ ගැටලුවට විසඳුම් දී පීඨ සංකීර්ණ/නේවාසිකාගාර ඉදි කරනු යන සටන් පාඨ ඔස්සේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කරන ලදී. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩප ශිෂ්‍ය සංගමය ලෙස අප ද සහයෝගය ලබා දුන්නෙමු.
මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධව විවිධ අපහාසාත්මක පලකිරීම් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුනු අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සම්බන්ධ කරගනිමින් දියත් කල අපහාසාත්මක වීඩියෝවක් ඒ අතර ප්‍රමුඛ විය. 2024 වසරේ ශ්‍රී පාලි මණ්ඩපයේ අවසන් වසර ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් පිරිසක්, එම වසරේ සිදුකල නාට්‍ය රඟ දැක්වීමක පුහුණුවීම් සහ පසුතල නිර්මාණයන් සිදුකරන අතරතුර ගන්නා ලද වීඩියෝවක්, මේ මොහොතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සිදුකරන ක්‍රියාමාර්ගය අතරතුර ගන්නා ලද එකක් බව කියමින් මෙම පලකිරීම සිදුකර ඇත. එහිදී එම සිසුන් පොදු දේපලවලට හානි කරමින් සිටින බව පවසමින් මෙන්ම, එම අවස්ථාව සම්බන්ධව විවිධ අපහාසාත්මක අර්ථකතන දෙමින් පල කල මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුල බොහෝ සෙයින් සංසරණය වී ඇත.
මේ හේතුවෙන් එම වීඩියෝවේ සිටින අප විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සම්බන්ධව වැරදි මතයක් සමාජ ගත කර ඇති අතර, අප විශ්වවිද්‍යාලය සම්බන්ධවද වැරදි අර්ථකතනයක් සිදු කර ඇත. එමෙන්ම මේ මොහොතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිදුකරමින් සිටින විරෝධතාව සම්බන්ධයෙන් (පොදු දේපල විනාශ කරන බවට) වැරදි විග්‍රහයන් ලබා දීම ඇතුලුව විවිධ අසත්‍ය සහ අපහාසාත්මක කරුණු පලකරමින් ජනතාව සමග ගැටුමක් ඇතිකිරීමේ උත්සාහයක නිරතව ඇත.මෙම අසත්‍ය ප්‍රචාරය හමුවේ මෙම වීඩියෝ පටය තුළ දර්ශනය වන විද්‍යාර්ථීන් දැඩි ලෙස මානසික ව්‍යාකූල තත්වයකට පත් ව ඇති අතර සමාජයට මුහුණ දීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව අපට දැනුම් දී ඇත.
එය පලකල පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධව තොරතුරු, එම පලකිරීම්වල සබැඳි සහ ඔවුන්ගේ පලකිරීම්වල තිර පිටපත් මේ ලිපිය සමග අමුණා ඇත. මෙම අසත්‍ය සහ අපහාසාත්මක පලකිරීම් ඉවත්කිරීමට මැදිහත් වන ලෙසත්, සැලසුම් සහගතව සිදුකල මෙම පලකිරීම් සම්බන්ධව අදාල පුද්ගලයිට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසත් ඔබතුමන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
ජේ.ඒ.එම්.ඒ.එල් අබේවර්ධන,
සභාපති,
ශිෂ්‍ය සංගමය,
ශ්‍රී පාලි මණ්ඩපය,
හොරණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart