May 20, 2026

කංචන විජේ­සේ­කර විදු­ලි­බල හා බල­ශක්ති ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ මෙර­ටට ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී සිදුව ඇතැයි කියන මහාපරි­මාණ මූල්‍ය වංචා­වක් සහ දූෂ­ණ­යක් සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස ඉල්ල­මින් ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අබේ­වි­ක්‍රම සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී ස්ටෙෆන් ප්‍රනාන්දු ගල්අ­ඟුරු ජනා­ධි­පති විම­ර්ශන කොමි­ෂන් සභා­වට ඊයේ (19දා) පැමි­ණි­ල්ලක් භාර දුන්හ.

පැමි­ණිල්ල භාර දීමෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී උපුල් අභ­ය­වි­ක්‍රම පෙන්වා දුන්නේ රට බංකො­ලොත් වී දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මුහුණ දී තිබූ එම වක­වා­නුවේ, හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහගේ රජය යටතේ බල­ශක්ති ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ කංචන විජේ­සේ­කර ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය මඟ­හැර ගල්අ­ඟුරු ආන­ය­නය කළ බවය.

එහිදී මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද සඳ­හන් කළේය. “එම කාලය තුළ මෙර­ටට ගල්අ­ඟුරු ගෙන්වීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩ­රයේ අවම ලංසුව ඉදි­රි­පත් කර­මින් සුදු­සු­කම් ලබා සිටියේ ‘ආදිත්‍යා’ සමා­ග­මයි. නමුත් පසුව කැබි­නට් මණ්ඩල තීර­ණ­ය­කට මුවා වී, අදාළ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය පවා සම්පූර්ණ කර නොතිබූ ‘ෆොටෙ­න්සියා’ නමැති වෙනත් සමා­ග­ම­කට මෙම ගල්අ­ඟුරු ඇණ­වුම ලබා දීමට කට­යුතු කර තිබෙ­නවා.” යැයි කියා සිටි­යේය.

ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය නිසි පරිදි සම්පූර්ණ නොකළ සමා­ග­ම­කට මෙවැනි මහා පරි­මාණ ටෙන්ඩ­ර­යක් පැව­රීම පිටු­පස බර­ප­තළ දූෂ­ණ­යක් සහ වංචා­වක් සිදුව ඇති බවට සාධා­රණ සැක­යක් පව­තින බව මන්ත්‍රී­වරු පව­සති.

රටේ ආර්ථි­කය අගා­ධ­යට වැටී තිබූ මොහො­තක, නිසි ටෙන්ඩර් පටි­පා­ටිය උල්ලං­ඝ­නය කර­මින් සහ අවම ලංසු­කරු බැහැර කර­මින් සිදු­කර ඇති මෙම ගනු­දෙ­නුව පිළි­බඳ ජනා­ධි­පති විම­ර්ශන කොමි­සම මඟින් කඩි­නම් හා විනි­වි­ද­භා­ව­යෙන් යුතු පරී­ක්ෂ­ණ­යක් පව­ත්වනු ඇතැයි තමන් දැඩිව අපේක්ෂා කරන බව ද මන්ත්‍රී­වරු මෙහිදී අව­ධා­ර­ණය කළහ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක විසින් පත් කරන ලද, ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු ගිහාන් කුල­තුංග මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් මෙම විශේෂ කොමි­සම මඟින් 2016 ජන­වාරි 01 සිට 2026 අප්‍රේල් 16 දක්වා දස වස­රක කාලය තුළ සිදු වූ සිය­ලුම ප්‍රස­ම්පා­දන සහ මූල්‍ය ගනු­දෙනු පිළි­බඳ පුළුල් විම­ර්ශ­න­යක් සිදු කිරී­මට නිය­මි­තය.

විම­ර්ශ­න­යට අදාළ තොර­තුරු spci.coal@presidentsoffice.lk යන විදත් තැපෑල හරහා හෝ කොළඹ 12, සාංචි ආරච්චි මාවතේ පිහිටි කොමි­ෂන් සභා කාර්යා­ලය වෙත ලිඛි­තව යොමු කළ හැකි අතර, තොර­තුරු ලබා දෙන්නන්ගේ රහ­ස්‍ය­භා­වය සුරැ­කී­මට ද කොමි­සම පිය­වර ගෙන ඇත. කොමි­සම ගල්අ­ඟුරු ආන­ය­න­යේදී සිදුව ඇතැයි කියන දූෂණ හෝ වංචා පිළි­බඳ තොර­තුරු හා පැමි­ණිලි ලබන 22 වැනිදා භාර ගැනී­මට නිය­මි­තය.