
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන පීඩාවට පත් ජන ජීවිතත්, එම ප්‍රදේශත් සංවර්ධනය වෙනුවෙන් ඵලදායීව සහ කාර්යක්ෂමව යෙදවීමට මැදිහත්වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ මේ වසර අවසන් වන විට එම සියලු ව්‍යාපෘති අවසන් කළ යුතු බවයි.
බලය, ධනය සහ දේශපාලන සබඳතා මත නීතිය ඉටු නොවූ සංස්කෘතිය වෙනස් කර සියලු දෙනා නීතියට යටත් වන නව සංස්කෘතියක් ඇති කිරීමේ පියවර රජය මේ වන විට තබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු දෙනා නීතියට යටත් වන රටක් ගොඩනැගීම මහා ව්‍යසනයක් ලෙස සමාජගත කිරීමට උත්සාහ කරන බවත්, ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමේදි සියලු දෙනා නීතියට යටත් වන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ මාතලේ වීර කැප්පෙටිපොළ ශාලාවේ අද (12) පෙරවරුවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරී නිසි ලෙස ඉටු කිරීමට නීතිය බාධාවක් නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, අවශ්‍ය නම් නීති සංශෝධනද ගෙන ආ හැකි බවත්, පවතින නීති රාමුව තුළ කටයුතු කරමින් රජයේ මුදල් ඉතා සැලසුම් සහගතව සහ ඵලදායීව යොදවමින් ජන ජීවිතය ගොඩනැංවීමට උපරිමයෙන් කැපවෙමු යැයි ද සියලු දෙනාට ආරාධනා කළේය
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ මිනිස් ජීවිත සහ දේපොළ සඳහා වන්දි ගෙවීම, නිවාස සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා පුළුල් ලෙස විමසා බැලීය.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පවුල් සඳහා ලබාදුන් රුපියල් 25,000ක සහ 50,000ක දීමනාව මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන අතර, 15,000 සහ 10,000 සිසු දීමනාවද සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 254කට පූර්ණ හානි සහ නිවාස 3829කට අර්ධ හානි සිදු වූ අතර තක්සේරුවකින් තොරව වන්දි ලබා දිය හැකි සියලු නිවාස වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී අවසන් බවත්, ඉතිරි නිවාසවලට අදාළ තක්සේරු ගණනය කිරීම මේ වන විට සිදු කෙරෙන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
ඉඩමෙහි හිමිකම නොමැති වීම, අධිඅවදානම් කලාපවල පිහිටීම සහ රක්ෂිතවලට අයත් වීම යන විවිධ තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ගැටලුවලට ලබා දිය හැකි විකල්ප විසදුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් පවතින නිර්ණායකවලට සංශෝධන ගෙන ඒම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
ආපදා තතත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සඳහා වන්දි ලබා දීම, අධිඅවදානම් තත්ත්වය හේතුවෙන් ඉවත් කළ පවුල් සඳහා වන්දි ලබා දීම, නිවාස කුලී දිමනා ලබා දීම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබා දිමේ ප්‍රගතිය, නිවස ඉදිකිරීමේ සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.
දිට්වා සුළි කුණාටුවට හසු වූ අධිඅවදානම් කලාපවල සියලු පවුල් ඉන් ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඊට අදාළව නීති සකස් කිරීමේ වැදගත්කමද පෙන්වා දෙමින් ඔවුන් කඩිනමින් වෙනත් ස්ථානවල පදිංචි කිරීම ප්‍රමුඛ කාර්යයක් සේ සළකන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම, සුළි කුණාටුවෙන් මාපියන් අහිමි වූ දරුවන් රැක බලා ගැනීම සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද විමසූ ජනාධිපතිවරයා එම එක් එක් දරුවා වෙනුවෙන් වැඩසටහන් සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතියේ මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සැලැස්මට අනුකූලව ආදළ ඉඩම් නිදහස් කිරීමේ සහ පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.
එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රගතියද ජනාධිපතිවරයා විමසීය.
සුළි කුණාටුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඒ හා බී ශ්‍රේණියේ මාර්ග 16ක් සහ පාලම් 02ක් විනාශයට පත් වු අතර, එම මාර්ග 16හි සහ එක් පාලමක ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බව නිලධාරීන් පෙන්වා දුන් අතර, ඉතිරිව ඇති මොරගහකන්ද පාලම ස්ථිර පාලමක් ලෙස කඩිනමින් යළි ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම, සංචාරක කර්මාන්තය සඳහා සුවිශේෂී වැදගත්කමක් දක්වන රිවස්ටන් මාර්ගය සහ දීර්ඝකාලීන ගැටලුවක් වූ ගලේවෙළ – මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවද විමසූ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මාතලේ දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ පළාත් පාලන ආයතන සතු මාර්ග, පාලම්, බෝක්කු සහ ජල ව්‍යාපෘති යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන්දි ගෙවීමේදී සේවා අංශයේ විනාශයට පත් වූ ව්‍යාපාර, සංචාරක අංශය සහ පතල් අංශය සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවට ලක් විය.
කෘෂිකර්මාන්තය සහ සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රය යථා තත්ත්වයට ගෙන ඒමට ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී විමසූ ජනාධිපතිවරයා, නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කර ගනිමින් ග්‍රාමීය කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානය යොමු කර තිබෙන බවද පෙන්වා දුන්නේය.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මාතලේ නගර සංවර්ධන සැලැස්ම සහ දඹුල්ල රෝහල වෙනත් ස්ථානයකට ගෙන යාමේ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරුණු අතර, අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ ක්‍රියාවට නංවමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කැපවීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart