
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය උණුසුම හේතුවෙන් මේ වසරේ අප්‍රිකාව, ආසියාව සහ අනෙකුත් ප්‍රදේශවල වාර්තාගත ලෙස ලැව්ගිනි පැතිර ගොස් ඇති අතර, උතුරු අර්ධගෝලයේ ගිම්හාන කාලය උදාවීම සහ ‘එල් නිනෝ’ කාලගුණ රටාවන් සක්‍රිය වීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.
දේශගුණික විපර්යාසයන්හි බලපෑම පිළිබඳව අධ්‍යයනය කරන ‘වර්ල්ඩ් වෙදර් ඇට්‍රිබියුෂන්’ (World Weather Attribution) පර්යේෂණ කණ්ඩායමේ දත්තවලට අනුව, ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ හටගත් ලැව්ගිනි හේතුවෙන් පෙර නොවූ විරූ මට්ටමේ හානියක් සිදුවී ඇත.
එහිදී හෙක්ටයාර මිලියන 150 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, එය මීට පෙර පැවති උපරිම වාර්තාවට වඩා 20% ක වැඩිවීමකි.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස සහ අධික ප්‍රබලතාවයකින් යුත් ‘එල් නිනෝ’ බලපෑම එකිනෙක මුසුවීම හේතුවෙන්, මේ වසරේ උෂ්ණත්ව වාර්තා බිඳ වැටීමට ඉඩ ඇති බවත්, එමගින් ලැව්ගිනි මෙන්ම දැඩි නියඟයක් ද ඇතිවිය හැකි බවත් පර්යේෂකයෝ ප්‍රකාශ කරති.
“ලෝකයේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ලැව්ගිනි කාලසීමාව තවමත් දැඩි වී නොමැති වුවද, මෙම වේගවත් ආරම්භය සහ එල් නිනෝ කාලගුණ අනාවැකිය දෙස බලන විට, අපට සුවිශේෂී ලෙස දරුණු වසරකට මුහුණ දීමට සිදුවන බව පෙනී යනවා,” යනුවෙන් ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ ලැව්ගිනි පිළිබඳ විශේෂඥයෙකු සහ WWA කණ්ඩායමේ සාමාජිකයෙකු වන තියඩෝර් කීපින්ග් පැවසීය.
මේ වසරේ මේ දක්වා අප්‍රිකානු කලාපයේ පමණක් හෙක්ටයාර මිලියන 85 ක භූමි ප්‍රමාණයක් ගිනිබත් වී ඇති අතර, එය මීට පෙර පැවති උපරිම වාර්තාව වූ හෙක්ටයාර මිලියන 69 ට වඩා 23% ක වැඩිවීමක් බව ඔහු සඳහන් කළේය.
අප්‍රිකාවේ මෙලෙස අසාමාන්‍ය ලෙස ලැව්ගිනි ක්‍රියාකාරකම් ඉහළ යාමට හේතු වී ඇත්තේ, ඉතා අධික තෙත් කාලගුණික තත්ත්වයක සිට එකවරම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් දක්වා දේශගුණය වේගයෙන් වෙනස් වීම බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart