
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ ප්‍රධාන ගුවන් තොටුපළට ගොඩබස්වන අවස්ථාවේදී ගින්නක් හටගෙන තිබේ.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවූ බව වාර්තා නොවුණද ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට සිදුවිය.
ඉස්තාන්බුල් සිට පියාසර කළ මෙම යානය කත්මණ්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වන අවස්ථාවේදී එහි දකුණු පස රෝද පද්ධතියෙන් ගින්නක් සහ දුමාරයක් මතුවී ඇත.
ගුවන් තොටුපළ බලධාරීන්ට අනුව, හදිසි සහන සේවා කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කළ අතර මගීන් ආරක්ෂිතව ඉවත් කරගනු ලැබීය.
එයාර්බස් 330 (Airbus 330) වර්ගයේ මෙම යානය තුළ මගීන් 277 දෙනෙකු සිට ඇති අතර අද උදෑසන ගුවන් තොටුපළ වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේය.
නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර සහ ගුවන් තොටුපළේ ඇති එකම ධාවන පථය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන අතරතුර, කත්මණ්ඩු බලා පැමිණි තවත් ගුවන් යානා කිහිපයක් ගුවනේදීම රඳවා තැබීමට සිදුවිය.
නේපාලයේ පවතින කඳුකර භූමිය සහ වෙනස්වන කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පියාසර කිරීම දුෂ්කර වන අතර, එරට නිතර ගුවන් අනතුරු වාර්තා වේ.
මීට පෙර 2015 වසරේදී ද, තුර්කි ගුවන් සේවයට අයත් යානයක් අධික මීදුම සහිත තත්ත්වයකදී කත්මණ්ඩු වෙත ගොඩබැස්වීමට උත්සහ කිරීමේදී ලිස්සා යාමෙන් ගුවන් තොටුපළ දින කිහිපයකට වසා දැමීමට සිදුවිය.
එම අනතුරින් ද කිසිවෙකුට තුවාල සිදු නොවූ අතර, පසුව එම යානය ගුවන් තොටුපළෙන් ඉවතට ගෙන ගොස් කෞතුකාගාරයක් බවට පත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart