
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන බවත්, පසුගිය ඉරිදා පකිස්ථානය හරහා වොෂින්ටනය වෙත යැවූ ඉරානයේ ප්‍රතිචාරය අසීමිත එකක් නොවන බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි.
යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමෙරිකානු යෝජනාවට ටෙහෙරානය ලබා දුන් පිළිතුර ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව පළුදු වී ඇති බව එම අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි පැවසුවේය.
”අපට සටන් කිරීමට බල කරන ඕනෑම අවස්ථාවක අපි සටන් කරනවා, ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා අවස්ථාවක් ලැබෙන සෑම විටම අපි එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා,” යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
“කෙසේ වෙතත්, රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ආවේණික නීති මාලාවක් තිබෙනවා, තීරණ ගනු ලබන්නේ අපගේ ජාතික අවශ්‍යතා මත පදනම්වයි. අපගේ ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අප උනන්දු වන බව ඉරානය ඔප්පු කර තිබෙනවා.” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
ඇමෙරිකාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ඉරානය ඉදිරිපත් කළ යෝජනාව සාධාරණ ඉල්ලීමක් බව පැවසූ බගායි යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටීම, (ඇමෙරිකානු) අවහිර කිරීම් සහ කොල්ලකෑම් නැවැත්වීම මෙන්ම ඇමෙරිකානු බලපෑම් මත අසාධාරණ ලෙස බැංකුවල අත්හිටුවා ඇති ඉරාන දේපළ නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම ඉරානයේ අයිතියක් බව ද පැවසුවේය.
“හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමනය සහ කලාපයේ මෙන්ම ලෙබනනයේ ආරක්ෂාව ස්ථාපිත කිරීම ඉරානයේ අනෙකුත් ඉල්ලීම් වූ අතර, ඒවා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කළ පරිත්‍යාගශීලී සහ වගකිවයුතු යෝජනා ලෙස සැලකෙනවා,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart