
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙදින රාජ්ය සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පිළිගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් නිල රාජ්ය උත්සවය අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණි.
ඊයේ (03) මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා විසින් මෙලෙස පිළිගනු ලැබීය.
2023 දී බලයට පත්වීමෙන් පසු සිය පළමු ශ්රී ලංකා සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මොහොමඩ් මුයිසු මෙම රාජ්ය සංචාරයේ නිරත වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා මැයි 06 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
සංචාරය අතරතුර, දෙරට අතර දිගුකාලීන සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් හයක් ද අත්සන් කිරීමට නියමිතව තිබේ.
මේ අතර, සංචාරය හේතුවෙන් 03 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart