April 10, 2026

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රුපියල් ලක්ෂ 56ක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන විශේෂ කාර්ය බලකායේ බස්නාහිර පළාත් උතුරු විශේෂ මෙහෙයුම් ඒකක නිලධාරීන් අප්‍රේල් 08 වැනි දින කොළඹ, කැස්බෑව ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටළීමකදී මෙම කිලෝ 32ක කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය වන කිලෝග්‍රෑම් 32ක්, මොටර් රථයක් සහ ජංගම දුරකථන තුනක් සමඟ සැකකරුවකු එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.