March 31, 2026

මාතලේ ප්‍රදේශයේ පාසලක සිසුවකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අද (31) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අදාළ ජාතික පාසලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවකුට විදුහල්පතිවරයා ලිංගික අතවර කළ බවට මහවෙල පොලිසියට ඊයේ (30) පැමිණිල්ලක් ලැබී ඇත.

විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බව පැවසේ.

ඔහු විවිධ ස්ථානවල සැඟවී සිටින බව ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් කණ්ඩායම් එම ස්ථානවල සෝදිසි කිරීම් ආරම්භ කළහ.

කෙසේවෙතත්, අවශ්‍යව සිටි විදුහල්පතිවරයා අද (31) උදෑසන මහවෙල පොලිසියට භාර වී ඇති අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.