March 27, 2026

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද(27) අධිචෝදනා ගොනු කර තිබේ.

රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

2015 දී ලංකා පොහොර සමාගමේ නිෂ්පාදන හා ආනයන අංශයේ කළමනාකරු ලෙස කටයුතු කළ කාලය තුළ වූ ගනුදෙනුවකට අදාළව මෙම චෝදනා එල්ල වී ඇත.

හුණුපිටිය ගබඩා සංකීර්ණයේ කාපට් ඇතිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පෞද්ගලික සමාගමකට නීති විරෝධී ලෙස ප්‍රතිලාභ ලබාදුන් බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඔහුට චෝදනා කර තිබේ.

පැමිණිල්ලක් ලැබී මූලික විමර්ශන සිදු කිරීමෙන් පසුව, කොමිසම අධිචෝදනා ගොනු කිරීමට තීරණය කළ අතර, එය අද (27) අධිකරණයේ විභාගයට ගැනිණි.