March 20, 2026

හම්බන්තොට කටුවාව සල්මල්යාය ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී ඉන්ධන ලීටර් 500 කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර ඇත.

පොලිසියට අනුව, නිවසක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 480 කට වැඩි ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් 20ක් පමණ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු, අත්අඩංගුවට ගත් ඉන්ධන සමඟ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.