
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මයික් බ්‍රියර්ලි සහ ඩේවිඩ් ගවර් ඇතුළු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් 14 දෙනෙකු සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට “මානුෂීය” ලෙස සලකන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් තබා ඇත.
ඒ, ඉම්රාන් ඛාන් “මරණ කුටියක” සිර කර ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් එල්ල වන චෝදනා මධ්‍යයේයි.
ඒ අනුව ඉම්රාන් ඛාන් සිරගත කිරීම සම්බන්ධයෙන් “ජාත්‍යන්තර ප්‍රමිතීන්” පිළිපැදීමට පකිස්ථාන රජයෙන් ඉල්ලා සිටින විවෘත ලිපියක් අනුමත කර ඇති එම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් අතර මයිකල් ඇතර්ටන් සහ නසාර් හුසේන් ද වූහ.
අක්ෂි රෝගයක් සඳහා නිසිලෙස වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළහොත් ඉම්රාන් ඛාන්ගේ ඇස් පෙනීම අහිමි වනු ඇතැයි ඔහුගේ ආධාරකරුවන් අනතුරු අඟවා ඇති පසුබිමක් තුළ ඉදිරිපත් කරන ලද මෙම අභියාචනයකට අත්සන් තැබීමේදී හිටපු එංගලන්ත නායකයින් සමඟ ස්ටීව් වෝ, ඉයන් සහ ග්‍රෙග් චැපල්, සර් ක්ලයිව් ලොයිඩ්, කපිල් දේව් සහ සුනිල් ගවස්කාර් වැනි අය ද එක් වූහ.
2023 අගෝස්තු මාසයේදී මූල්‍ය දූෂණ චෝදනා එල්ල වීමෙන් පසු 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු පවරා ඒවා විභාග කිරීමෙන් අනතුරුව වසර 14 ක සිර දඬුවමක් නියම විය.
1992 දී පාකිස්තානය ලෝක කුසලාන කීර්තියට ගෙන ආ හිටපු නායකයා, 2022 අප්‍රේල් මාසයේදී නෙරපා හැරීමට පෙර තම රටේ අගමැති ධුරයේ වසර හතරකට ආසන්න කාලයක් ගත කර තිබුණි.
පෙත්සම ඇලන් බෝඩර්, කිම් හියුස්, ජෝන් රයිට් සහ බෙලින්ඩා ක්ලාක් විසින් ද අනුමත කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart