
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය දරුවන්ට කරන හානිකර බලපෑම් පිළිබඳ අවධානයට ලක් කළ නඩු විභාගයකදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඊයේ ලොස් ඇන්ජලීස් අධිකරණයක් හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දුන්නේය.
සිය ළමා කාලයේ මෙටා හි ඉන්ස්ටග්‍රෑම් සහ ගූගල් හි යූ ටියුබ් භාවිත කළ කැලිෆෝනියාවේ කාන්තාවක් පවසා ඇත්තේ යෙදුම් ඇයට මානසික අවපීඩනය සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති කළ බවයි.
පැමිණිලිකරු වයස අවුරුදු 6 දී යූ ටියුබ් භාවිත කිරීමට පටන් ගෙන ඇති අතර, ඉන්ස්ටග්‍රෑම් භාවිත කිරීමට පටන් ගෙන ඇත්තේ අවුරුදු 11 දීය.
පසුව ටික්ටොක් සහ ස්නැප්චැට් භාවිත කිරීමට තිබේ.
ස්නැප්චැට් බලධාරීන් දැනටමත් කාන්තාව සමඟ වන්දි ගෙවීමේ එකඟතාවකට පැමිණ තිබේ.
මානසික සෞඛ්‍ය හානි පිළිබඳ දැන සිටියද, මෙම සමාගම් දරුවන් ඔවුන්ගේ සේවාවන්ට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බවට නඩුවෙන් චෝදනා කරයි.
සමාජ මාධ්‍ය යෙදුම් දරුවන්ට ඇබ්බැහි වීමක් ද නැද්ද යන අදහස ගැටළුවකි.
මෙටා සහ ගූගල් චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, සමාජ මාධ්‍ය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන බව සොයා ගෙන නොමැති බව දැක්වෙන ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ මෙටා සමාගම විසින් අවධානයට ගෙන ඇත.
මෙටා සමාගම නඩුවෙන් පැරදුනහොත්, පැමිණිලිකරුට වන්දි ගෙවීමට සිදුවනු ඇත.
එවැනි තීන්දුවක් සමාජ මාධ්‍ය සමාගම්වල විශ්වසනීයත්වයට බලපානු ඇත.
මෙම නඩුව කරළියට පැමිණෙන්නේ ලොව පුරා රජයන් වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා මෙම යෙදුම් තහනම් කරමින් සිටින අවස්ථාවකය.
සකර්බර්ග් පැවසුවේ තම සමාගම ඉන්ස්ටග්‍රෑම් හි වයස අවුරුදු 13ට අඩු ළමුන් කෙතරම් සෙමින් හඳුනා ගත්තේද යන්න ගැන කනගාටු වන බවයි.
වැඩිදියුණු කිරීම් සිදු කර ඇති බව ඔහු නඩුවේ දී තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart