February 5, 2026

දිට්වා සුළිකුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග ජලාශය ඉදිකිරීමේදී යටවූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතුවීමට පටන්ගෙන තිබේ.

එහි බුදු පිළිමය ඇතුලු විහාරස්ථානයේ නටඹුන් මතුවීමත් සමග එම නටඹුන් දැකබලා ගැනීමට විශාල පිරිසක් දිනපතා කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

දිට්වා සුළිකුණාටුවෙන් පසු ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමග ජලාශයේ රොන්මඩ සහ වැලි තැන්පත් වී ඇති ආකාරයද දක්නට ලැබේ.