January 31, 2026

කොළඹ සහ තදා­සන්න ප්‍රදේ­ශ­වල පදිං­චිව සිටි තරු­ණ­යන් 11 දෙනකු නාවික හමුදා කප්පම් කල්ලි­යක් විසින් අතු­රු­දන් කිරීම පිළි­බඳ නඩු­වේදී අනා­ව­ර­ණය වූ ත්‍රිකු­ණා­ම­ලය ගන්ස­යිඩ් නාවික හමුදා කඳ­වුර පිළි­බඳ විශේෂ වාර්තා­වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති බව රජයේ පුවත්පතක් වන ‘සිළුමිණ’ වාර්තා කරයි.

පොල්ග­හ­වෙල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට මේ වාර්තාව ඉදි­රි­පත් කර ඇත.

එම කඳ­වුර පරි­ශ්‍රයේ අනී­තික ලෙස රඳ­වා­ගෙන සිටි බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති පුද්ග­ල­යන් පිළි­බඳ කරුණු රැසක් මේ වාර්තාවේ අඩංගු වේ.

එසේම එම පුද්ග­ල­යන් රඳවා සිටින කාල­යේදී ඔවුන්ට සිදු වූ වධ­හිංසා පිළි­බ­ඳ­වද එහි රඳවා සිටි පුද්ග­ල­ය­න්ගෙන් ලබා­ගත් ප්‍රකාශ මත රැස් කර­ගත් තොර­තුරු මීට ඇතු­ළත් කර ඇත.

අතු­රු­දන් කරන ලද පුද්ග­ල­යකු පිළි­බ­ඳව පොල්ග­හ­වෙල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වන නඩු­වට මෙසේ අදාළ වාර්තාව ඉදි­රි­පත් කර තිබේ.

මේ පුද්ග­ල­යාද රඳවා සිට ඇත්තේ ගන්ස­යිඩ් කඳ­වුරු පරි­ශ්‍රයේ බව මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත.