
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්දැමීමෙන් පීඩාවට පත් 6 ශ්‍රේණියේ සිසුන්ට යුක්තිය කඩිනමින් සහතික කිරීමට රජය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අනාගත ගමන් මග පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ පාසල් විදුහල්පතිවරුන් සමඟ ඊයේ(16) මාදම්පේ SEDEC ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදී ඇය මෙම අදහස් පළකළාය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට අධ්‍යාපනය පරිවර්තනීය වෙනසක් අවශ්‍ය ප්‍රධාන අංශයක් ලෙස හඳුනාගෙන සිටි බවත්, එවැනි ප්‍රතිසංස්කරණ අතරතුර සුළුතරයකින් ප්‍රතිරෝධයක් ඇති විය හැකි බවත් අග්‍රාමාත්‍යවරිය පැවසීය.
කෙසේවෙතත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක කරන බව ඇය අවධාරණය කළාය.
වෘත්තීය අධ්‍යාපනය සඳහා ඉහළම අයවැය ප්‍රතිපාදන ප්‍රතිසංස්කරණ හරහා සිදුකර ඇති බවත්, පාසල් අතර ඩිජිටල් අසමානතාව සහ යටිතල පහසුකම් හිඩැස් පියවීම සඳහා ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඇය පැවසුවාය.
අර්ථවත් පරිවර්තනයක් තුළින් රටේ අධ්‍යාපන පද්ධතිය ඉදිරියට ගෙනයෑමේදී මහජන පිළිගැනීම සහ අධ්‍යාපන බලධාරීන්ගේ කැපවීම ඉතා වැදගත් බව අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart