
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 18 සහ ඊට වැඩි සියලුම පුද්ගලයන් සඳහා බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක හෙවත් TIN ලියාපදිංචිය අනිවාර්ය කරන ගැසට් නිවේදනයෙන් පසු TIN මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර පැවසීය.
2023 දෙසැම්බර් 31 වැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට මෙන්ම 2024 ජනවාරි 1 වැනිදාට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයන්ට මෙය අදාළ වන බව ඔහු පැවසීය.
මාධ්‍ය අමතමින් කොමසාරිස් කුමාර පැවසුවේ රටේ මිලියන 17ක් පමණ ජනතාව බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක සඳහා ලියාපදිංචි වනු ඇතැයි දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවයි.
කෙසේවෙතත්, අවම වශයෙන් තවත් පුද්ගලයන් මිලියන පහක් මෙතෙක් ලියාපදිංචි වී නොමැත.
“ගැසට් නිවේදනයෙන් පසුව TIN එකක් ලබා ගැනීම නීතිමය අවශ්‍යතාවක් බවට පත් වුණත් බොහෝ දෙනෙකුට මුලින් ඔවුන්ගේ අංක ලැබුණේ නැහැ. පසුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන් සඳහා TIN සකස් කර නිකුත් කළා. එමඟින් ලියාපදිංචි පුද්ගලයන්ගේ මුළු සංඛ්‍යාව මිලියන 10ක් පමණවුණා,” යැයි ඔහු පැහැදිලි කළේය.
මූල්‍ය හා නීතිමය කටයුතු කිහිපයක් සඳහා බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක මේ වනවිට අනිවාර්ය කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
“බැංකු ජංගම ගිණුම් විවෘත කිරීම, මෝටර් වාහන බලපත්‍ර ලියාපදිංචි කිරීම හෝ අලුත් කිරීම (ඇතැම් වාහන වර්ග හැර), ගොඩනැගිලි සැලසුම් අනුමැතීන් ලබා ගැනීම, ඉඩම් සඳහා හිමිකම් ඔප්පු ලියාපදිංචි කිරීම හෝ ඉඩම් අයිතිය පැවරීම සහ 2026 ජනවාරි 1 වැනිදා සිට වාහන අයිතිය සහ ලියාපදිංචි කිරීම් පැවරීම සඳහා TIN එක අනිවාර්යයි,” යනුවෙන් ඔහු පැවසීය.
ඉතිරි මිලියන පහක ජනතාව බලාත්මක කිරීමේ පියවර හරහා නොව ඉදිරි මාසවලදී ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වීමට අපේක්ෂා කරන බව කොමසාරිස් කුමාර පැවසීය.
නීතිමය හෝ පරිපාලන අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා සුදුසුකම් ලත් සියලුම පුරවැසියන්ට ඔවුන්ගේ බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක කඩිනමින් ලදා ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart