
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සඳහන් කර තිබේ.
“වෙනිසියුලානු ජාතික අපට අද ඓතිහාසික දිනයක් කියලා මම හිතනවා,” ඊයේ ට්‍රම්ප් හමුවීමෙන් පසු ඇය පැවසුවාය.
ඔවුන් දෙදෙනා පෞද්ගලිකව මුණගැසුණු පළමු අවස්ථාව මෙයයි.
මෙම හමුව සිදු වුණේ එක්සත් ජනපද හමුදා කැරකස්හිදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලාගෙන ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා කිරීමෙන් සති කිහිපයකට පසුවය.
ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනකින් සිය කෘතඥතාව පළ කළේ මෙම පියවර ‘අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු අවස්ථාවක්’ බව පවසමිනි.
2024 දී මැතිවරණවලින් ජයග්‍රහණය කළේ තමන් බව මචාඩෝ ප්‍රකාශ කළ ද වෙනිසියුලාවේ නව නායකයා ලෙස ඇය අනුමත කිරීම එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණි.
ට්‍රම්ප් ඒ වෙනුවට වෙනිසියුලාවේ වැඩබලන රාජ්‍ය නායකයා වන මදුරෝගේ රජයේ හිටපු උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් සමඟ කටයුතු කර ඇත.
කෙසේවෙතත් ඔහු පැවසුවේ මචාඩෝ හමුවීම ‘මහා ගෞරවයක්’ බවත්, ඇය ‘බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක්’ ලෙස හඳුන්වන බවත්ය.
ධවල මන්දිරයෙන් පිටව ගිය පසු, මචාඩෝ පිටත ගේට්ටු අසල රැස්ව සිටි ආධාරකරුවන් වෙත අදහස් දක්වමින් “අපට ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි විශ්වාසය තැබිය හැකියි” යනුවෙන් ස්පාඤ්ඤ භාෂාවෙන් පැවසූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.
“මම එක්සත් ජනපද ජනාධිපතිවරයාට නොබෙල් සාම ත්‍යාගයේ පදක්කම ප්‍රදානය කළා,” යැයි මචාඩෝ පසුව ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කර ඈත.
“අපගේ නිදහස වෙනුවෙන් ඔහුගේ අද්විතීය කැපවීම සඳහා එය පිළිගැන්වූවා” යනුවෙන් ද ඇය පවසා තිබේ.
නොබෙල් සාම ත්‍යාගයට ඇති ආශාව ගැන නිතර අදහස් පළ කරන ට්‍රම්ප්, පසුගිය වසරේ එම ගෞරවය පිළිගැනීමට තීරණය කළ මචාඩෝට එය ලබාදුන් විට අප්‍රසාදය පළ කර තිබිණි.
එම ත්‍යාගය ට්‍රම්ප් වෙත ලබාදෙන බව පසුගිය සතියේ මචාඩෝ පැවසූ නමුත් නොබෙල් කමිටුව පැහැදිලි කළේ එය එලෙස වෙනත් කෙනකුට පැවරිය නොහැකි බවය.
“නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු, එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ අන් අයට මාරු කිරීමට නොහැකියි,” යනුවෙන් කමිටුව පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
බ්‍රහස්පතින්දා ධවල මන්දිර රැස්වීමට පෙර, නොබෙල් සාම මධ්‍යස්ථානය X හි පළ කළේ “පදක්කමේ හිමිකාරීත්වය වෙනස් විය හැකි නමුත් නොබෙල් සාම ත්‍යාගය ලබාදීමට හේතු වූ කරුණ එමගින් වෙනස් නොවේ” යනුවෙනි.
ඇමරිකාවේ විප්ලවවාදී යුද්ධයේදී සටන් කළ මාක්විස් ඩි ලෆයෙට් විසින් තමාට ලැබුණු ජෝර්ජ් වොෂින්ටන්ගේ කැමැත්ත පළකිරීමේ පදක්කම, නූතන වෙනිසියුලාවේ ආරම්භක පියවරුන්ගෙන් කෙනෙකු වන සයිමන් බොලිවර්ට ලබාදුන් ආකාරය ඇගේ අදහස් දැක්වීමේදී මචාඩෝ විස්තර කළාය.
මෙම ත්‍යාගය ‘කුරිරු පාලනයට එරෙහි නිදහස සඳහා වූ සටනේ’දී වෙනිසියුලාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ‘සහෝදරත්වයේ ලකුණක්’ වූ බව මචාඩෝ පැවසුවාය.
වොෂින්ටනයට ගිය සංචාරයේදී එක්සත් ජනපද සෙනෙට් සභිකයන් හමුවීමට මචාඩෝ කොංග්‍රසයට ද ගොස් තිබිණි.
රොඩ්‍රිගස්ගේ අන්තර්කාලීන රජයට සහාය දීම වැරැද්දක් බවත්, මෙම සංක්‍රාන්තිය සඳහා ඇගේ විපක්ෂ සන්ධානය වගකිව යුතු බවත් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීමට මචාඩෝ ඇගේ කාලය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන ලදී.
බ්‍රහස්පතින්දා රැස්වීම පැවැත්වෙන අතරතුර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් වාර්තාකරුවන්ට පැවසුවේ මචාඩෝ වෙනිසියුලාවේ බොහෝ ජනතාව සඳහා කැපී පෙනෙන සහ නිර්භීත හඬක් බවයි.
ට්‍රම්ප් මීට පෙර මචාඩෝව නිදහස් සටන්කාමියකු ලෙස හඳුන්වා ඇති නමුත්, මදුරෝ ඉවත්කිරීමෙන් පසු වෙනිසියුලාව මෙහෙයවීමට ඇයව පත් කිරීමේ අදහස ප්‍රතික්ෂේප කර තිබුණේ ඇයට ප්‍රමාණවත් දේශීය සහයෝගයක් නොමැති බව පවසමිනි.
වෙනිසියුලානු රජයේ නියෝජිතයකු එක්සත් ජනපද නිලධාරීන් හමුවීමට සහ රටේ තානාපති කාර්යාලය නැවත විවෘත කිරීම සඳහා මූලික පියවර ගැනීමට බ්‍රහස්පතින්දා වොෂින්ටනයට යෑමට නියමිත බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේය.
එම තැනැත්තා ධවල මන්දිරය විසින් ‘අතිශයින්ම සහයෝගී’ ලෙස විස්තර කර ඇති අතර ඔහු රොඩ්‍රිගස්ගේ සමීප මිතුරෙකු බව ද වාර්තා වේ.
රොඩ්‍රිගස් බ්‍රහස්පතින්දා කැරකස් හි වාර්ෂික ජාතියට පණිවිඩයේ කතාව පැවැත්වූ අතර, එහිදී ඇය වොෂින්ටනයේ රැස්වීම්වලට ද සහභාගී වීමට කැමැත්තෙන් සිටින බව පැවසුවාය.
“මට කවදා හෝ වැඩබලන ජනාධිපතිනිය ලෙස වොෂින්ටනයට යෑමට සිදුවුවහොත්, මම යන්නේ හොඳ කෙලින් ඇවිදගෙන මිසක් බඩගාගෙන නෙවෙයි,” යනුවෙන් ඇය පැවසුවාය.
ට්‍රම්ප් සහ රොඩ්‍රිගස් අතර බදාදා දුරකථන සංවාදයක් පැවත්වී ඇති අතර, ට්‍රම්ප් පසුව සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණේ ඇය ‘අතිවිශිෂ්ට පුද්ගලයෙක්’ බවයි.
මේ අතර, රොඩ්‍රිගස් මෙම ඇමතුම ‘ඵලදායී සහ ආචාරශීලී’ එකක් ලෙස විස්තර කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart