
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“කැලණි පන්සලේ භාවනා කරලා එළියට ආපු මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. පොලිසිය වැරදියි. කැලණිය පොලිසියෙන් මට ගැහුවා. හකු ඔක්කොම රිදෙනවා. පොලිසියෙන් මට අසාධාරණයක් වුණා” යැයි ගාලුමුවදොර විදුලි කණුවකට නැඟ විරෝධතාවක නිරත වූ තරුණයා පැය දෙකකට පසු එම විදුලි කණුවෙන් බැස මාධ්‍ය හමුවේ ඊයේ (15දා) පැවසීය.
තවදුරටත් කතා කළ ඔහු මෙසේද කීය.
“කැලණි පන්සලේ මම භාවනා කරලා එළියට ආවා. පස්සෙ මම කඩේකින් සැලඩ් එකක් කාලා එළියට ආවා විතරයි පොලිසිය ආවා. පොලිසිය ඇහුවා උඹ යන්නේ කොහේද කියලා. මම කැලණි පන්සලේ පැය ගාණක් භාවනා කරලා එන ගමන් කිව්වා. මාව 13 වැනිදා අත්අඩංගුවට ගත්තා. මම කතා කළාට කතා කරන්න ශක්තිය තියෙනවා. ගහපු ගැහිල්ලට කන්න හපන්න බැහැ. හකු ඔක්කොම රිදෙනවා. ආත්ම විශ්වාසය නිසයි මං උඹලට ලයිට් කණුවට නැඟලා පෙන්නුවෙත් බැහැලා පෙන්නුවෙත්. මගේ අම්මා තාත්තා කුඩුකාරයෝ, බේබද්දෝ නෙවෙයි. උතුම් මිනිස්සු. මගේ ගම ඇඹිලිපිටියේ. පොලිසිය වැරදියි. මට කවදාවත් නිකරුණේ පොලිසිය ගහලා නැහැ. මේක අසාධාරණයි. මම වැරැද්දක් කරලා නැහැ.”
කොටුව පොලිසියේ නිලධාරීන්
“පුතා ඔයාට සාධාරණයක් ඉටුකරනවා. පුළුවන් සාධාරණය අපි ඔයාට ඉටු කරලා දෙනවා. ඔයාගෙ ලොකු අම්මටත් අපි කතා කළා. මාසෙකට කලින් ඔයාගේ අම්මා නැති වුණා කියලා එයා කිව්වා. වාහනේට නඟින්න අපි යමු රෝහලට.”
අනතුරුව එම තරුණයා පොලිසියේ ජීප් රථයේ නංවාගෙන රැගෙන යනු දක්නට ලැබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart