
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයේ දකුණු ඔටාගෝ හි පදිංචි ශ්‍රී ලාංකික දරුවකු තම බාල සොහොයුරා රළ පහරකින් වීරෝධාර ලෙස බේරා ගැනීමෙන්, මවුන්ට්බැටන් පදක්කමක් දිනූ ලාබාලතම ජයග්‍රාහකයා බවට පත්ව ඇත.
පසුගිය වසරේ අගෝස්තු 27 වැනි දින, එවකට 13 හැවිරිදි වියේ වූ කල්යා කන්දේගොඩ ගමගේ ඔහුගේ 11 හැවිරිදි සොහොයුරා වන කිත්මි සමඟ ක්‍රිස්ටල්ස් වෙරළ තීරයේ දිය අද්දර ඔරු පැදීමේ යෙදී සිටියේය.
එවිට විශාල රළ පහරකට ඔහුගේ බාල සොහොයුරා ගසාගෙන ගිය අතර, තවත් විශාල රළ දෙකක් ඔහුව ජලය තුළට ඇද දැමීය.
දක්ෂ පිහිනුම් ක්‍රීඩකයකු වූ නමුත් කිත්මිට නැවත ගොඩබිමට පැමිණීමට නොහැකි විය. ඔහු වෙරළෙන් තවත් ඇදී ගියේය.
වෙරළේ සිට මීටර් 60 ක් පමණ දුරකට ඔහුව ගසාගෙන ගිය අතර, එහිදී කල්යා වහා ජලයට පැන සිය සහෝදරයා බේරාගත්තේය.
නවසීලන්තයේ රාජකීය ජීවිතාරක්ෂක සංගමය පවසා ඇත්තේ එම වෙරළ තිරය ඉතා භයානක බවයි. “කල්යාගේ නිර්භීත ප්‍රතිචාරය එදා ඔහුගේ සහෝදරයාගේ ජීවිතය බේරුවා” යැයි එම සංගමය පවසා ඇත.
සෑම වසරකම පොදුරාජ්‍ය මණ්ඩලයේ පිදෙන මවුන්ට්බැටන් පදක්කමට 2022 වසර වෙනුවන් කල්යාට ලැබෙන්නේ ඒ අනුවය.
දැන් 14 හැවිරිදි ඔහු එම නිර්භීත බව වෙනුවන් වූ සම්මානය දිනාගත් ලාබාලතම පුද්ගලයා බවට පත්ව තිබේ.
ටොකොමයිරිරෝ උසස් පාසලේ පැවති විශේෂ රැස්වීමකදී කල්යාට පදක්කම පිරිනමා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart