
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ට්‍රිනිඩෑඩ්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අතරතුර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වාගේ මව ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි මුණගැසී තිබේ.
කෝලි පන්දුවට පහර දෙන ආකාරය නැරඹීමට සිය මව ක්‍රීඩාංගණයට පැමිණෙන බව තරගයේ පළමු දිනයේදි කඩුලු රකිමින් සිටින අතරතුර දි ජොෂුව ද සිල්වා, පන්දුවට පහරදෙමින් සිටි විරාට් කෝලිට පවසා තිබේ.
එය කඩුල්ලේ සවිකර ඇති මයික්‍රපෝනයෙන් පැහැදිලිව ශ්‍රවණය වී ඇත.
“දුරකථනයෙන් කථා කරලා අම්ම මට කිව්වේ මාව බලන්න නෙමේ විරාටි කෝලිව බලන්න එනවා කියලා” යැයි එහිදි ජොෂුවා ද සිල්වා කෝලිට ප්‍රකාශ කරයි.
අනතුරුව විරාට් කෝලිගේ පිතිකරණය බැලීමට පැමිණි ජොෂුවා ද සිල්වාගේ මව වන කැරෝලිනාද සිල්වා, දිනය නිමාවී බස් රථයට ගොඩවීමට පැමිණි විරාට් කෝලි හමුවී ඇති අතර, එහිදී කෝලි ඇයව උණුසුම් ලෙස පිළිගෙන තිබේ.
එහිදී විරාට් කෝලිගේ කම්මුල සිපගත් ජෝෂුවා ද සිල්වාගේ මව ජායාරූපයක් ද ලබාගෙන ඇත.
ඉන් අනතුරුව ඇය පවසා ඇත්තේ සිය පුතු කෝලි අනුකරණය කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
කෝලි මෙම තරගයේදී ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් සිය 29 වන ටෙස්ට් ශතකයද වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart