
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධව දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව විමර්ශනවලින් හෙළිවී ඇත.
බහුදින ධීවර යාත්‍රාවකින් දකුණු මුහුදු වෙරළ වෙත රැගෙන එමින් තිබූ මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (23දා) උදේ වරුවේදීය.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 5 දෙනකු ද අත්අඩංගුවට ගත් අතර, ඔවුන් බහුදින ධිවර යාත්‍රාව සමග දික්ඕවිට වරායට රැගෙනවිත් වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් කිලෝ 21 ක්ද අයිස් කිලෝග්‍රෑම් 172ක්ද තිබෙන බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය මලු 11ක බහා ධීවර යාත්‍රාවේ පහළ කොටසේ ගබඩාකර සුරක්‍ෂිතව රැගෙන එමින් සිට ඇති බවද පොලිසිය කියා සිටියි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාවේ වෙරළ ආරක්‍ෂක බළකාය සමග ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
පසුගිය මාස කිහිපය තිස්සේ දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගවලින් වැඩි ප්‍රමාණයක් අයත්ව තිබුණේ දෙහිබාලේට බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම හරහා දෙහිබාලේ විසින් උපයාගත් මුදල් යොදවා මිලදී ගෙන තිබූ රුපියල් කෝටි 25කට අධික වටිනාකමෙන් යුත් බහුදින ධීවර යාත්‍රා 5ක් නීතිවිරෝධී වත්කම් පවරාගැනීමේ ඒකකය මගින් රජයට පවරා ගැනීමට කටයුතු කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර බහුදින යාත්‍රාව පසුගිය 9 දා ගන්දරින් පිටත්වී ඇති බවත් එම යාත්‍රාව හලාවත ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති බවත් විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහභාගි වූහ.
අත්අඩංගුවට ගත් අය දින 7ක් රැඳවුම් භාරයට පමුණුවා ඇති අතර ඔවුන් සතුව තිබී සැටලයිට් දුරකථනයක්ද හමුවී තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart