
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරයේ මිහින්තලේදී වන අලියකුට ගිනි තැබීමේ කෲර සිදුවීම රූගත කළ විශ්වවිද්‍යාල සිසුවා මේ වන විට බරපතළ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.
මීට හේතු වී ඇත්තේ වනජීවී නිලධාරීන් විසින් සිය භාරයට ගත් ඔහුගේ ජංගම දුරකථනය තවමත් ආපසු ලබා නොදීමයි.
ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාල විභාග සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය දේශන සටහන්, අධ්‍යයන දත්ත සහ පෞද්ගලික ලියකියවිලි උපාංගයේ අඩංගු බැවින් ශිෂ්‍යයාගේ අධ්‍යාපනය අවදානමට ලක්ව ඇති බව ඔවුහු පවසති.
දුරකථනය ඔහුගේ අධ්‍යයන කටයුතු සඳහා අත්‍යවශ්‍ය බව ශිෂ්‍යයා වනජීවී නිලධාරීන්ට දන්වා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, එය ආපසු ලබා දීමට ප්‍රමාද වීම ඔහුට සැළකිව යුතු මානසික පීඩාවක් ඇති කර ඇති බව ඥාතීහු පැවසූහ.
කිසියම් පිරිසක් විසින් සිප්පිකුලම්-අඹගහවෙල ප්‍රදේශයේදී පන්දම්වලින් අලියකු පුළුස්සා දැමූ බවට එල්ල වන චෝදනාවලට අදාළ හිරිහැර කිරීම හෙළිදරව් කිරීම සඳහා ශිෂ්‍යයා සිද්ධිය රූ ගත කළේය.
වීඩියෝව පසුව මහජන අවධානයට දැඩි ලෙස යොමු ඓය.
ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අනුව, ජංගම දුරකථනය ආපසු ලබා දෙන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කළද, තවමත් එය වනජීවී බලධාරීන්ගේ භාරයේ පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart