
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
ඒ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමිනි.
කඩුවෙල දිසා අධිකරණයේ අංක 8892/එම් යටතේ පවරා ඇති මෙම නඩුව මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහින්ද පතිරණගෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ලබාදෙන ලෙසට ඉල්ලා ඇති අතර මහින්ද පතිරණ තමාටත් තම දේශපාලන ව්‍යාපාරයටත් අපහාස කිරීමේ අරමුණින් සිතාමතාම අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් මෙම අපහාසය සිදුකර ඇති බවටසුනිල් වටගල අධිකරණයට කරුණු සැලකර තිබේ.
මහින්ද පතිරන 2025 සැප්තැම්බර් මාසයේ දිනක ප්‍රසිද්ධ කරන ලද ෆේස්බුක් පළකිරීමක් මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගලට කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපාභාගී නිවාසයක් ඇති බවට අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවත්, එම නිවාසය මිලදීගැනීම සදහා මුදල් සොයාගත් ආකාරය සැකසහිත බවත්, එය අල්ලසක් වියහැකි බවටත් ආදී වශයෙන් කරුණු දක්වා තිබූ බවත්, ඒ සියල්ල මුළුමනින්ම අසත්‍ය හා සාවද්‍ය බවත්, නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා තම පැමිණිල්ලෙන් දක්වා තිබේ. තවද මහින්ද පතිරණ මහතා සචින් රත්වත්තේ නමැති පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් උධෘත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවත්, එම ෆෙස්බුක් ගිණුම සත්‍ය එකක් ද නැත්ද යන්න පවා සැකසහිත බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල තම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.
මහින්ද පතිරණ ගේ පළකිරීම බොහෝ සේ සමාජගතව ඇති බවත්, එයින් තම කීර්තිනාමයට බලවත අපහාසයක් සිදුව ඇති බවත්, නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල එම පැමිණිල්ලෙන් දක්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු නිවැරදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස ඉල්ලා යවන ලද එන්තරවාසිය ප්‍රතික්ෂේප කිරීමක් මහින්ද පතිරණ විසින් සිදුකර නොමැති බවත් සුනුල් වටගලගේ පැමිණිල්ලේ සදහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart