
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල ප්‍රදේශයට සංචාරකයන් රැගෙන පැමිණෙන කුලී රථ රියැදුරන්ට හා රථවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඇල්ල පොලිස් වසමේදී කුලී රථ රියදුරෙකුට පහරදීමට තැත්කර ඔහුගේ මෝටර් රථයට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් හා මෙම සේවාව සපයන රියැදුරු කාන්තාවකට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කර මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඒ අනුව මෝටර් රථයේ රියැදුරුට පහරදීමට තැත්කිරීම හා මෝටර් රථයට අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු ද අනෙක් මෝටර් රථයේ රියැදුරු කතකට පහරදී මුදල් කොල්ල කෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා විසින් උපදෙස් දී ඇත.
කුලී රථ රියැදුරකුට බැණවැදුණු බව කියන ඇල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ද වෙනත් ස්ථානයකට මාරුකිරීමට ද පොලිසිය කටයුතු කර තිබේ.
කුලී රථ රියැදුරන්ට ඇල්ල ප්‍රදේශයේදී වන හිරිහැරවලට විරෝධය දැක්වීම සඳහා කුලී රථ රියදුරන් පිරිසක් සිය මෝටර් රථවලින් ඇල්ල ප්‍රදේශයට ගොස් සිටි බවටද වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart