
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාරට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර පරීක්ෂණ සඳහා සේවය අත්හිටුවා ඇති බව පොලිසිය පවසයි.
සාපරාධී බියගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් මත ඇඹිලිපිටිය කොට්ඨාශ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මිට පෙර ඔහුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පත්ම කුමාර සුබසිංහ ඇතුළු පිරිසක් විසින් පහරදුන් බව කියමින් මෙම පොලිස් නිලධාරියා රෝහල්ගතව තිබුණු අතර, පසුව ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පලයක් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට යවන බව පොලිසිය ප්රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart