
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා අයදුම් කළ සේවකයන් 2,200 කට වැඩි පිරිසක් වැඩසටහන අඛණ්ඩව ප්‍රමාදවීම නිසා කණස්සල්ලට සහ අවිනිශ්චිතතාවයට මුහුණ දී සිටින බව එම අයැදුම්කරුවෝ පවසති.
යෝජනා ක්රමයේ ප්‍රමාදය ඔවුන්ගේ අනාගත සැලසුම්වලට බාධාකර ඇති බවත්, දැඩි මානසික පීඩාවක් ඇති කර ඇති බවත් පෙන්වාදෙන එම අයදුම්කරුවන්, යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ස්ථිර දිනයක් වහාම ප්‍රකාශයට පත්කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් බලශක්ති අමාත්‍යවරයාට ලිපියක් ද යොමුකර තිබේ.
එම සේවකයන්ට අනුව, බොහෝදෙනෙකු දැනටමත් විකල්ප රැකියාවක් සොයමින්, ව්‍යාපාර සැලසුම් කරමින් හෝ විදේශ රැකියා අවස්ථා ගවේෂණය කරමින් සේවයෙන් පසු ජීවිතය සඳහා සූදානම්වීමට පටන් ගෙන තිබේ.
කෙසේවෙතත්, නිල විශ්‍රාම වැටුප් දිනයක් නොමැතිකම අයදුම්කරුවන් අවිනිශ්චිතතාවයට පත්කර ඇති අතර, සැලසුම් අනුව කටයුතු නොකිරීම ඔවුන්ට දුෂ්කරතා මතුකර ඇත.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසු, ඔවුන් තවදුරටත් අනුබද්ධ සමාගම්වලට අනුයුක්තව නොසිටින බව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කළ බව සේවකයෝ පෙන්වාදෙති.
ඔවුන්ගේ අයදුම්පත් 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත (සංශෝධිත) සහ 2025 අගෝස්තු 26 දිනැති අංක 2451/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුකූලව ඉදිරිපත්කර තිබේ.
රජයේ සංවර්ධන වැඩසටහන කෙරෙහි විශ්වාසය සහ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වැඩසටහන අගය කළ ද, ඇතැම් කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වී ඇති බවත්, යෝජනා ක්‍රමය අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කනස්සල්ල මතුකරන බවත් සේවකයෝ වැඩිදුරටත් පවසති.
එමෙන්ම ඔවුන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලාසිටින්නේ, සාධාරණව හා අනුකම්පාවෙන් යුතුව ගැටලුව විසඳන ලෙස සහ දහස් ගණනක් සේවකයන්ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ ජීවනෝපායන් සහ යහපැවැත්ම පිළිබඳ සලකාබලා ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ප්‍රකාශයට පත්කිරීම කඩිනම් කරන ලෙසත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart