
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් ඇති කළ මීමුරේ පවුල් 400 කට පමණ විදුලිය ලබාදීමට ඊයේ (22දා) වනවිටත් හැකි වී නැත.
ඊයේ වනවිටත් අත්‍යවශ්‍ය ආහාර සැපයීම ගුවන් මගින් සිදුකරනු ලබන බව වාර්තා වේ.
විදුලිය නොමැතිවීම බලධාරීන්ගේ වරදක් නිසා නොව මීමුරේට යෑමට තිබෙන මාර්ගය නායයෑමට ලක්වී තිබීම හේතුවෙන් බවත් මාර්ගය පිළිසකර කරමින් කඩාවැටුණු විදුලි කණු යළි ස්ථාපිත කර විදුලිය ලබාදීමට අවශ්‍ය බවත් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්තා සඳහන් කරයි.
නොවැම්බර් 27 වැනිදා සුළිකුණාටුවේ බලපෑම නිසා විදුලිය බිඳවැටී තිබේ. එය යථා තත්ත්වයයට පත් කරමින් සිටියදී පසුගිය දින දෙක තුන තුළ නැවත එම ප්‍රදේශයට වැඩි වර්ෂාවක් පතිතවීම නිසා පිළිසකර කරමින් තිබූ මාර්ගය යළි හානි වී තිබෙන බවද වාර්තා වේ.
කාලගුණයෙන් පීඩාවට පත් පවුල් 400ක පමණ පිරිසක් ඔවුන්ගේ නිවෙස්වල සිටින බවත් ඔවුන්ට විදුලි පන්දම්, බැටරි ආදිය ලබාදීමට කටයුතු කර තිබේ.
ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් පාගමනින් ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන බවත්, ට්‍රැක්ටරයක් හෝ ගමන් කිරීමට හැකිවන පරිදි මාර්ගය කඩිනමින් සකස්කර දීමට කටයුතු කෙරෙමින් තිබෙන බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart