
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබිය වාර්ෂිකව සිදුකරන ලද මරණ දඬුවම් සංඛ්‍යාවේ වාර්තාව අඛණ්ඩව දෙවැනි වසරටත් අලුත් වී තිබේ.
එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රචාරක කණ්ඩායමක් වන රිප්‍රයිව් සංවිධානයට අනුව, මෙම වසරේ අවම වශයෙන් පුද්ගලයින් 347 දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති අතර, එය 2024 දී සටහන් වී තිබුණේ මුළු සංඛ්‍යාව 345ක් ලෙසය.
රිප්‍රයිව් සංවිධානයට සෞදි අරාබියේ මරණ දඬුවම් නිරීක්ෂණය කරන සහ මරණ දඬුවම නියම කර ඇති සේවාදායකයන් සිටියි.
ඔවුන් පැවසුවේ මෙය “නිරීක්ෂණ ආරම්භ වූ දා සිට එම රාජධානියේ මරණ දඬුවම්වැඩිම වසර” බවයි.
මරණ දඬුවම නියම කරන ලද නවතම සිරකරුවන් අතර මාධ්‍යවේදියකු සහ විරෝධතා සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ තරුණයන් දෙදෙනෙකු සිටින බව එම සංවිධානය කියයි.
මෙම වසරේ මරණ දඬුවම නියම වුවුද විරෝධතා සම්බන්ධ අපරාධ සිදුකළ අවස්ථාවේ දරුවන් වූ බව කියන තරුණයන් දෙදෙනෙක් ද මෙම පිරිස අතර වෙති.
පස් දෙනෙක් කාන්තාවන් ය.
රිප්‍රයිව් සංවිධානයට අනුව, මරණ දඬුවම නියම වූවන්ගෙන් තුනෙන් දෙකක් පමණ මාරාන්තික නොවන මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම තත්ත්වය අන්තර්ජාතික සම්මතයන් සහ ප්‍රමිතීන්ට නොගැළපෙන බවයි.
ඔවුන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් විදේශිකයන් වූ අතර, ඔවුන් රාජධානියේ ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ’ කොටසක් ලෙස මරණයට පත් කර ඇති බව පෙනේ.
“සෞදි අරාබිය දැන් සම්පූර්ණයෙන් සමාවක් නැතුව ක්‍රියාත්මක වෙන්නේ. මෙම තත්ත්වය මානව හිමිකම් පද්ධතියට සමච්චල් කිරීමක් වගේ,” යනුවෙන් රිප්‍රයිව් සංවිධානයේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කරන ප්‍රධානී ජීඩ් බස්යූනි පැවසුවාය.
වධහිංසා පැමිණවීම් සහ බලහත්කාර පාපොච්චාරණ සෞදි අපරාධ යුක්ති පද්ධතිය තුළ ‘ආවේණික’ බව ඇය විස්තර කළාය.
එය ‘කුරිරු සහ අත්තනෝමතික මර්දනයක්’ ලෙස බස්යූනි හැඳින්වූවාය.
2021 දී සෞදි භෞමික මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරමට බලහත්කාරයෙන් යොදාගත් බව පැවසූ තරුණ ඊජිප්තු ධීවරයකු වන ඉසාම් අල්-ෂාස්ලිට අඟහරුවාදා මරණ දඬුවම නියම කරන ලදී.
මරණ දඬුවම ක්‍රියාත්මක කළ 96ක් හෂිෂ් මත්ද්‍රව්‍යට පමණක් සම්බන්ධ බව රිප්‍රයිව් පවසයි.
“ඔවුන් කතා කරන ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් එනම් විරෝධතා, ප්‍රකාශනයේ නිදහස හෝ මත්ද්‍රව්‍ය වේවා – ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් ඇති බවට සමාජයට පණිවිඩයක් යවන තාක් කල්, ඔවුන් කවුරුන් මරණ දඬුවමට ලක් කළත් ඔවුන්ට එය වැදගත් නොවන බව පෙනෙනවා,” යනුවෙන් බස්යූනි පැවසුවාය.
2022 අගභාගයේදී සෞදි බලධාරීන් නිල නොවන තහනමක් අවසන් කළ දා සිට මත්ද්‍රව්‍ය ආශ්‍රිත මරණ දඬුවම්වල වැඩිවීමක් සිදුවී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් එය ‘අතිශයින්ම කණගාටුදායක’ ටහ්ත්ත්වයක් ලෙස විස්තර කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart