
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළිකුණාටුවෙන් ඇති වූ විනාශයෙන් රට යථාතත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියට තවදුරටත් සහාය දැක්වීම වෙනුවෙන් ඉන්දියා විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, අනිද්දා චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ෂාඕ ලෙජිද මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ඉහළපෙළේ අමුත්තන් දෙදෙනා වෙනවෙනම පිළිගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.
මෙම අමුත්තන් දෙදෙනා සමඟ සාකච්ඡා මෑත කාලීන ස්වාභාවික ව්‍යසනය සම්බන්ධයෙන් සිදුවුවද, ආර්ථිකය, ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය ගැටළු පිළිබඳවද පුළුල් සාකච්ඡා පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජයශංකර් හෙට ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ පැමිණෙනු ඇත. ඔහු පසුදා ජනාධිපති දිසානායක හමුවීමට නියමිතය.
සංචාරය අතරතුර ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික පණිවිඩයක් ලබාදෙනු ඇතැයිද වාර්තා වේ.
මේ අතර, ජ්‍යෙෂ්ඨ චීන නිලධාරි ෂාඕ ලෙජි සහ ඔහුගේ දූත පිරිස අඟහරුවාදා දිවයිනට පැමිණෙන අතර එදිනම ජනාධිපති දිසානායක හමුවනු ඇතැයි පැවැසේ.
ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී කියැංට පසුව චීන රජයේ තුන්වැනි ඉහළම ශ්‍රේණියේ නායකයා වන ලෙජි දින දෙකක සංචාරයක් සඳහා මෙහි පැමිණෙනු ඇත.
මේ අතර, සුළි කුණාටු සහන කටයුතු සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට අමතරව, සුළිකුණාටුවෙන් පීඩාවට පත්වූවන්ට උපකාර කිරීම සඳහා ලබන වසරේදී එහා සමාන මුදලක් අවශ්‍ය වනු ඇතැයි රජයේ මූලාශ්‍රය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart